විදුලි බිල 11.57%කින් ඉහළට? ජනවාරි දෙවන සතියේ මහජන අදහස් විමසීම

Report

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2026 වසරේ පළමු කාර්තුව (ජනවාරි-මාර්තු) සඳහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇත.

රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් සමස්ත විදුලි ගාස්තු 11.57%කින් ඉහළ දැමීමට ලංවිම යෝජනා කර තිබේ. මෙම යෝජනාවලට අනුව ස්ථාවර ගාස්තු මෙන්ම ඒකක ගාස්තු ද ඉහළ දැමීමට නියමිතය.

මෙම යෝජනාවලිය දෙසැම්බර් 24 වැනිදා මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදුන් අතර, කොමිසම එය අධ්‍යයනය කර මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව සඳහන් කරයි. ජනවාරි දෙවැනි සතියේ මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන අතර, සති 06ක කාලයක් තුළ අවසන් තීරණය දැනුම්දීමට නියමිතය.

අලුත් අවුරුදු ආරම්භයේම ජනවරම පාවා දුන්නා - සජිත්ගෙන් රජයට දැඩි ප්‍රහාරයක්

අලුත් අවුරුදු ආරම්භයේම ජනවරම පාවා දුන්නා - සජිත්ගෙන් රජයට දැඩි ප්‍රහාරයක්

මෙම සංශෝධනය මගින් ලංවිමගේ ආදායම රුපියල් බිලියන 13කට වැඩි මුදලකින් ඉහළ දැමීම අපේක්ෂා කෙරෙන බවත්, එය ගෘහස්ථ, කර්මාන්ත සහ වෙනත් කාණ්ඩවල ගාස්තුවලට බලපාන බවත් වාර්තා වේ.

හිටපු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මෙම යෝජනාවට විරෝධය පළ කරමින් පැවසුවේ ලංවිමගේ ගණනය කිරීම්වල දෝෂ ඇති බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 2026 සඳහා GDP වර්ධනයේ අනාවැකි මත පදනම් වී ඇති බවත්ය. මෙම යෝජනාව දැනටමත් දේශපාලන කතාබහට ලක්ව ඇති අතර, විපක්ෂය එය ජනතා විරෝධී බව පවසයි. මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය ජනවාරි අග හෝ පෙබරවාරි මුලදී බලාපොරොත්තු වේ.

අනුර ඉල්ලා අස්වෙනවද? යළි රාජපක්ෂ යුගයලු.. වක්කුඹුර කියයි

අනුර ඉල්ලා අස්වෙනවද? යළි රාජපක්ෂ යුගයලු.. වක්කුඹුර කියයි

රජයේ පොතේ සමලිංගික සයිට් එක අහම්බයක් නෙවෙයි - ජනපති ඇතුළු 160ම අත්අඩංගුවට ගන්න

රජයේ පොතේ සමලිංගික සයිට් එක අහම්බයක් නෙවෙයි - ජනපති ඇතුළු 160ම අත්අඩංගුවට ගන්න