විදුලි ගාස්තු වලට මොකද වෙන්නේ? ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හෙට

Report

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තියට අදාළ කැබිනට් යෝජනාව විෂය බාර අමාත්‍යවරයා විසින් හෙට (09) දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අදියර 05ක් යටතේ සිදුවන අතර ඉන් අදියර 04ක් මේ වන විට සාර්ථකව නිම කර තිබේ.

රු. 10,000කට වැඩියෙන් මිලදී ගත්තොත් ලක්ෂ 3කට වැඩි තෑග්ගක් නොමිලේ

රු. 10,000කට වැඩියෙන් මිලදී ගත්තොත් ලක්ෂ 3කට වැඩි තෑග්ගක් නොමිලේ

ඒ අනුව මූලික පැවරුම් සැලැස්ම, වාර්ෂික විදුලි ප්‍රසම්පාදන සැලැස්ම, දිගුකාලීන ජනන සැලැස්ම, දිගු කාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම යන අදියර එලෙස අවසන් කර ඇති බව විදුලිබල මණ්ඩල පරිවර්ථන කාර්ය සාධක බළකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් මහතා පසුගියදා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙහි අවසන් පියවර වන ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම සිදුකෙරෙමින් පැවතුණු අතර ඒ අනුව එය හෙට දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ රජයේ සේවකයන්ට වැටුප් රක්ෂණ සහ සහන ලබාදීමට සූදානමක්

මේ රජයේ සේවකයන්ට වැටුප් රක්ෂණ සහ සහන ලබාදීමට සූදානමක්

විෂය බාර අමාත්‍යවරයා විසින් හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙන මෙම කැබිනට් පත්‍රිකාව සම්මත වීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට අදාළ ගැසට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. අදාළ ගැසට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව 1969 අංක 17 දරන විදුලි බල පනත අහෝසි වනු ඇති බවද වාර්තා වේ. ඒ අනුව පෙබරවාරි මාසය අවසන් වන විට ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් ඈවර කිරීමේ දිනය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදුවනු ඇත.

වාහන හිමියන්ට සුභම සුභ ආරංචියක් - ඉදිරි මාස තුන ඇතුළත වෙන දේ මෙන්න

වාහන හිමියන්ට සුභම සුභ ආරංචියක් - ඉදිරි මාස තුන ඇතුළත වෙන දේ මෙන්න

මේ අතර විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගත් තීරණය අනුව එම මණ්ඩලය සමාගම් 4කට බෙදා වෙන් කිරීමට පියවර ගත් අතර එම සමාගම් 4 සඳහා මේ වන විට පාලනාධිකාරියක්ද පත් කර ඇති බැවින් එම සමාගම් සඳහා අනුයුක්ත කර ඇති විදුලි බල මණ්ඩලයේ සේවකයින් ඉදිරි පියවරයන් සඳහා පාලනාධිකාරීන් සමග සාකච්ඡා කිරීමටද සූදානමින් සිටින බවද වාර්තා වේ.

එමෙන්ම නිකුත් කිරීමට නියමිත මෙම ගැසට් නිවේදනය මගින් මේ වන විට අර්බුදයකට ලක්ව ඇති විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසේ ගැටලුවද අවසන් වන අතර ඒ අනුව ඔවුන්ටද අදාළ ගැසට් නිවේදනය අනුව සේවයෙන් විශ්‍රාම ගැනීමේ පහසුකම් සැලසෙනු ඇත. මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කළ පුද්ගලයින්ට වන්දි ගෙවීමේ කටයුතු ද ඒ අනුව සිදුකිරීමට නියමිතව තිබේ. ඒ අනුව විදුලි බල මණ්ඩලයේ සේවකයින් 2,173 ස්වේච්ඡා විශ්‍රාම යෑමට ඉල්ලුම් කර තිබූ අතර පසුව එම විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදාළ විශ්‍රාම ගැන්වීමේ දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් නොවූ බැවින් එම සේවකයින් පිරිස දැඩි අර්බුදයකටද මුහුණ දෙමින් සිටියි.

එහිදී එම සේවකයින් විසින් අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධව ජනාධිපතිවරයා සහ බලශක්ති අමාත්‍යවරයා මෙන්ම මහනායක හිමිවරුන් වෙතද ලිපි යොමු කරමින් ඉල්ලා සිටියේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසත් ඒ සඳහා අවශ්‍ය වූ මැදිහත් වීම් සිදුකරන ලෙසත්ය. කෙසේ නමුත් පසුගියදා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා මෙම සේවකයින් පිරිස වෙත දන්වා තිබුණේ ස්වෙච්ඡා විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින්ට අවශ්‍ය නම් පසුගිය ජනවාරි 30 වැනිදාට පෙර එම අයදුම්පත් නැවත ඉවත් කර ගත හැකි බවය. ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් පිරිසෙන් 20කට අඩු ඉතා සුළු පිරිසක් එම ඉල්ලා අස්වීම යළි කැඳවිමට තීරණය කර ඇති බවටද වාර්තා විය. ඒ අනුව සේවකයින් 2,153 දෙනෙකු සඳහා ස්වේඡාවෙන් විශ්‍රාම යාම සඳහා අනුමැතිය හිමිව ඇති අතර ඔවුන්ට හිමිවන වන්දි මුදල් ඉදිරියේදී ලබාදීමටද නියමිතව තිබේ.