වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ පැමිණිල්ල විභාගයට

Report

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

වැඩතහනමට ලක් වූ නියෝජ්‍ය මහලේකම්වරයා කථානායකවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය. ඒ අනුව පසුගියදා රැස්වූ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ දරුණු ගින්නක්

ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ දරුණු ගින්නක්

එහිදී මෙම පැමිණිල්ල සම්බන්ධව සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්. ඒ අනුව එහිදී මෙම පැමිණිල්ල ඉදිරියේදී විභාගයට ගැනීමට තීරණය වී ඇත.

මේ අතර වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක්ද විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බව ප්‍රකාශ වේ.

බහින් බස් වී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදුන්නැයි PC රිමාන්ඩ්

බහින් බස් වී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදුන්නැයි PC රිමාන්ඩ්