බහින් බස් වී පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදුන්නැයි PC රිමාන්ඩ්

Report

තියුණු ආයුධයකින් හැටන් බගවන්තලාව ප්‍රදේශයේදී පහරදී පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ අනුව රිමාන්ඩ් භාරයට ගත් එම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇත. පසුගියදා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අතර භට නිවස්නයේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් එක් කොස්තාපල්වරයෙකු තවත් අනෙක් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී මෙම සිදු වීම ඇති වූ බව සඳහන් වේ.

ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ දරුණු ගින්නක්

ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ දරුණු ගින්නක්

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා උදරයේ බරපතල තුවාල සහිතව මේ වන විට නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අදාළ සිද්ධියට සම්බන්ධ අනෙක් පොලිස් කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී සැකකරු එළැඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ලංකාවේ ලොකුම මුල්‍ය ජාවාරම මාට්ටු - කෝටි ගාණක මුදල් සමඟ සැකකරු අත්අඩංගුවට

ලංකාවේ ලොකුම මුල්‍ය ජාවාරම මාට්ටු - කෝටි ගාණක මුදල් සමඟ සැකකරු අත්අඩංගුවට