පොලිසියෙන් නියම වැඩක් - මෙන්න විස්තරේ
පොලිසිය පවසන්නේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 526ක් අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව ඊයේ (07) දිනයේදී පුද්ගලයින් 36,840ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් ප්‍රමාණය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 15ක් හඳුනාගත් බවත් විවෘත වරෙන්තුකරුවන් 144ක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 430ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 124ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 6,009කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.