මහමගදී ලංගම රියදුරුට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට

Report

තලවකැලේ – ඩයගම මාර්ගයේ ලිඳුල, තිස්පනේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මහ මග නවතා එහි රියදුරාට පරුෂ වචනයෙන් බැණ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව ලිඳුල පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඩයගම සිට තලවකැලේ හරහා හැටන් මඟින් කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් තිස්පනේ ප්‍රදේශයේදී නවතා මෙම පහරදීම සිදු කර ඇති බවයි.

මෙම පහරදීම තලවකැලේ – ඇල්ජින් මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් රථයක සේවයේ නියුතු රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් සිදු කර ඇති බව හැටන් ඩිපෝවේ ලංගම සේවකයන් පවසති.

පෙට්‍රල් හා ඩීසල් මිල අඩු වීමේ ලකුණු - සෞදියෙන් කොළ එළියක්

පෙට්‍රල් හා ඩීසල් මිල අඩු වීමේ ලකුණු - සෞදියෙන් කොළ එළියක්

පරුෂ වචනයෙන් බැණ වදිමින් රියදුරාට පහර දෙන අවස්ථාවේ, එම ලංගම බස් රථය තුළ පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල මගී පිරිසක් සිට ඇති බවද සඳහන් වේ.

එම පහරදීම බස් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවද වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි

ගුරු විභාග ගැසට් පත්‍රයේ ගැටලුවක් - ගැසට් පත්‍රය ගැන මතභේදයක් මතුවෙයි