මහා බැංකුවෙන් දැනුම් දීමක්
Central Bank of Sri Lanka
Sinhala news
By Hashini
අනිද්දා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතයි.
ඒ රුපියල මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වේ. මෙම වෙන්දේසියේදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙනා රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කරනු ලබයි.
දින 364න් කල් පිරෙනා රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත්ද මෙදින වෙන්දේසි කිරීමට නියමිතයි.
