මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!!.

Central Bank of Sri Lanka Sri Lanka People's Bank
By Aruna Jun 01, 2023 02:55 AM GMT
Aruna

Aruna

Report

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අඩු කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊයේ රැස්වූ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14%ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්ධමනය අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මැයි මාසය අවසන් වනවිට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

මේ අතර පසුගිය අප්‍රේල් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේශන ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර අප්‍රේල් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 454ක ප්‍රේශන ලැබී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කළේ.

පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසය තුළ සංචාරක පැමිණීම යම් පහළ මට්ටමක පැවතිය ද 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මහ බැංකුව සඳහන් කළේ, මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වු කාලය තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 591ක් ලෙස වාර්තා වි ඇති බවයි.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now