හෙට රටේ සෑම සුරාසැලක්ම වැසේ

Report

රට පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට දින (03) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ ලෝක අමද්‍යප දිනය වෙනුවෙන්. එසේම මෙම නීතිය කඩ කරන මත්පැන් අලෙවිසැල්වලට විරුද්ධව දැඩි නීතිමය පියවර ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දක්වා ඇත.

සෑම වසරකම ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට උපදෙස් දෙමින්.

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

එසේම ඒ තුළින් මත්පැන් පානයේ හානි පිළිබඳව මහජන අවධානය යොමු කිරීමත්, සමාජයේ අමද්‍යප දේශපාලනය ඉදිරියට ගෙන යාමත් යන අරමුණ ඉටු කිරීමට මෙසේ සුරාසැල් වැසීමට කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව හෙට දිනයේදී මත්පැන් මිලදී ගැනීම සහ විකිණීම සම්පූර්ණයෙන් තහනම් වන අතර, නීතිය කඩකරන අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද අවධාරණය කරයි.

තරුණ තරුණියන් හැට දහසකට රැකියා අවස්ථා

තරුණ තරුණියන් හැට දහසකට රැකියා අවස්ථා

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න