මීට පස්සේ දරුවන් භාවිත කරන බෝතල් සහ කෑම පෙට්ටිවල මේක අනිවාර්යයි
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් 2026 අප්‍රේල් 01 වන දින පටන් පාසල් සිසුන් හා කුඩා දරුවන් භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි වැනි ප්ලාස්ටික් උපකරණ නිෂ්පාදනය කිරීම සහ වෙළෙඳපළට නිකුත් කිරීමේදී SLS සහතිකය තිබීම අනිවාර්යය බව සඳහන් කරයි.
එසේම එදින සිට නියමිත ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන විකිණීම සම්පූර්ණයෙන් තහනම් වන බව ද පැවසුවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තම අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
වෙළඳපොළෙහි කුඩා දරුවන්ට දියර කිරි ලබාදීමට භාවිත කරන ප්ලාස්ටික් බෝතල් මෙන්ම පාසල් සිසුන් භාවිත කරන කෑම පෙට්ටි හා වතුර බෝතල් විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදු කරයි.
එහෙත් එම ඇතැම් ප්ලාස්ටික් උපකරණවල නියමිත ප්‍රමිති සහතිකය හෝ භාවිත කිරීමට සුදුසු බවට සඳහන් කිසිදු සලකුණක් දක්නට නොමැත.
එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය දක්වන තොරතුරුවලට අනුව ඇතැම් නිෂ්පාදනවල පිළිකා කාරක අඩංගු බවටද කරුණු හෙළිව තිබෙනවා.
ඒ අනුව මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් පළමු වැනිදා සිට ආහාර හා දියර වර්ග ගඩඩාකළ හැකි ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම තහනම් කිරීම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය වශයෙන් මෙසේ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එබැවින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරමින් කියා සිටියේ එදින පටන් අදාළ භාණ්ඩවල SLS සහතිකය අනිවාර්යය බවයි.