බිලියන 3.5ක පුනර්ජනනීය ආයෝජන හකුලා දැමීමේ ලංවිම මාෆියාවේ ඇත්ත - නැත්ත මෙන්න

By Gagana News Feb 27, 2025 11:11 AM GMT
Report

පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වූ ශ්‍රී ලංකාව පිළිබදව සුබවාදී සිහිනය මේ රටේ වියත් ජන සමාජය තුළ පැළපදියම් වන්නේ හේතු දෙකක් මුඛ්‍ය කර ගනිමිනි. පෙට්රෝලියම් සහ ගල් අගුරු සදහා අප දරන පිරිවැය පිරිමසා ගැනීම පළමුවැන්නය.

දෙවැන්න, කාබන් විමෝචනයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමය.

ඒ උදෙසා පෙළ ගැසුණු සද්ජන කතිකාවත සදහා පිටු බලයක් ලබා දෙමින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වන්නේය.

යුක්රේන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවීමට සැරසෙයි

යුක්රේන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවීමට සැරසෙයි

වෙනදා දේශපාලන සහ නිලධාරීවාදයේ අල්ලස්, දුෂණ අක්‍රමිකතා හේතුවෙන් රටේ අත්‍යවශ්‍ය සංවර්ධන අංග වැළලී ගිය ආකාරය දුටු හෙයින් ජාජබ ආණ්ඩුව ඒ සියල්ලට එරෙහි බලය වේ යන නිසැක චින්තනයෙන් බලා සිටි දනා වෙත මේ ලිපිය පවසන්නේ එවන් සුබ සිහිනයක කතාවක් නොවේ.