යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් කූඩූ කැඩීමේ සිද්ධියට ශිෂ්‍ය සංගමයෙන් නිවේදනයක්

Report

යාපනය සරසවියේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ සිසුන් සංවිධානය කළ වෙසක් සැරසිලි මුල්කරගත් ගැටලුකාරී තත්ත්වය මගින් එය ජාතිවාදී ගැටළුවක් බවට පත්කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව එම පිටයේ ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම චෝදනා පදනම් විරහිත බවත් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ අවධාරණය කර ඇති අතර මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් දැනට විමර්ශනය කරමින් පවතියි. පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් පමණක් මෙම ක්‍රියාව සිදුකර ඇති අතර එහිදී එක් වෙසක් කූඩුවකට පමණක් හානිකර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

මුණ බැඳ ගත්ත දෙන්නෙක් ඇවිත් අපේ වෙසක් කූඩුව කඩලා ගිහින් - යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් කූඩුව කුඩුපට්ටම්

මුණ බැඳ ගත්ත දෙන්නෙක් ඇවිත් අපේ වෙසක් කූඩුව කඩලා ගිහින් - යාපනය විශ්වවිද්‍යාලයේ වෙසක් කූඩුව කුඩුපට්ටම්

එම ක්‍රියාව ශිෂ්‍ය සංගමය දැඩි ලෙස හෙලා දකින බවත් මේ සඳහා ඍජුවම වගකිව යුතු පුදගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයාකුල පියවර ගත යුතු බවත් ශිෂ්‍ය සංගමය පෙන්වා දී ඇත.

එමෙන්ම එම සැරසිලි අලංකාරවත්ව සකස් කර ගැනීම සඳහා සිංහල සිසුන් මෙන්ම දෙමළ සිසුන්ද සක්‍රීයව දායක වූ බවත් අවශ්‍ය සහයෝගය නිරන්තරයෙන් ලබාදුන් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

එම නිවේදනයේ සඳහන් වන්නේ වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීම ඇතුළු මෙම ආගමික සහ සංස්කෘතික වැඩසටහන ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව පවත්වන අංගයක් බවයි. මෙම තත්ත්වය දඩමීමා කරගනිමින් යාපනය සරසවිය තුළ පවතින සහජීවනය සහ ගරුත්වය විනාශ කිරීමට කටයුතු නොකරන ලෙසත් කිසිදු පදනමකින් තොරව අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වලකින ලෙසත් ශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කර තිබේ.

GalleryGallery