කිරිකැටි දියණිය අම්මාම ළිඳට විසි කරලා - අත්අඩංගුවට

Report

සිය මාස දෙකහමාරේ බිළිඳිය ළිඳට වීසි කළ මවක් අද (02) දින ඇල්පිටිය කහදූව තුඩුවෙගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය වාර්තා කරයි.

ඒ අනුව අඳාළ සැකකාර මව සිය කිරිකැටි දියණිය ළිඳට දමා ඉන් පසු සිය දියණිය ළිඳට දැම්මේ යයි කෑ ගසා ඇති බවත් සඳහන්.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ඇයගේ සැමියා ළිඳ තුළ පාවෙමින් සිටි දියණිය ගොඩට ගෙන අසල්වාසීන්ගේද සහයෝගයෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

කෙසේ වෙතත් ඉක්මන් ප්‍රතිකාර හේතුවෙන් එම කිරිකැටියාගේ දිවි බේරී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

තවද කිරිකැටියා දැමූ ළිද නොගැඹුරු එකක් බවත් ඒ නිසාම බිළිඳිය බේරාගැනීමට හැකිව ඇති බවත් පවසයි. එමෙන්ම බිළිඳියගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සියලු ධීවරයින්ට හදිසි දැනුම්දීමක් - ඉදිරි පැය 24 ඉතා අවදානම් - වහාම ගොඩබිම වෙත පැමිණෙන්න

සියලු ධීවරයින්ට හදිසි දැනුම්දීමක් - ඉදිරි පැය 24 ඉතා අවදානම් - වහාම ගොඩබිම වෙත පැමිණෙන්න

ව්‍යාපාරිකයාට දිවි අහිමි කළ මාරක අනතුර

ව්‍යාපාරිකයාට දිවි අහිමි කළ මාරක අනතුර