''පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඕනේ නෑ අනුර මහත්තයෝ තිබුණු රට දෙන්න '' සුගීෂ්වරගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

Report

 මේ රටේ පොලීසිය දේශපාලනීකරණය වෙලා වෙලා තියනවා.  පොලීසියට පැමිණිළි කරන එක ගගට කපන ඉණි වගේ යනුවෙන් නව ජනතා පෙරමුණ නායක සුගීශ්වර බණ්ඩාර මහතා සදහන් කර තිබේ.

එතුමා තව දුරටත් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

''බස් ගාස්තු වැඩි කරන්න වෙනවා කියලා බස් සංගම් කියලා තියනවා . මේ වනවිට qr කේතය මේ වෙද්දී දාලා තියනවා . අංක වලට තමා ඉන්ධන ලබා දෙන්නේ හැබැයි ඩීසල් පරිභෝජනය වැඩි වෙලා තියනවා . ඒ කියන්නේ දැන් වැඩිපුර වාහන ධාවනයට එක්කරලා තිනවද කියන ප්‍රශ්නේ තියනවා. ඩීසල් වාහන එක්කරලා තියනවද ගැටළුවක් තියනවා . අපිට තොරතුරු ලැබිලා තියන විදිහට දැන් තියන සුපිරි ඩීසලුත් යොදාගන විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා.   ඒ නිසා අද ඩීසල් වැයවීම විදුලි උත්පාදනයට වැඩිවෙලා තියනවා . ඒ නිසා තමා මෙච්චර ඩීසල් ප්‍රමාණයක් ආනයනය කරන්න වෙලා තියෙන්නේ . ඒක කාගෙද වැරැද්ද ආණ්ඩුවේ වැරැද්ද .බාල ගල් අගුරු ගෙනල්ලා ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය විදුලිය ලබා ගන්න බැරිවුණේ මේ ආණ්ඩුවේ ගල් අගුරු වංචාව හින්දා .

එක්සත් ජාතික පක්ෂ‍යේ ලොක්කෙක් රිමාන්ඩ් - මොහුට මුදල් ලබා දී ඇත් නම් වහාම දැනුම් දෙන ලෙස දන්වයි

එක්සත් ජාතික පක්ෂ‍යේ ලොක්කෙක් රිමාන්ඩ් - මොහුට මුදල් ලබා දී ඇත් නම් වහාම දැනුම් දෙන ලෙස දන්වයි

 ඉදිරියේදී  බස් ගස්තු විතරක් නෙමේ සමස්ථ ජීවිතයටම මේක බලපානවා ප්ලේන්ටියේ ඉදන් සියල්ලෙහි මිල වැඩි වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සමග අපි සාකච්ජා කාරන්න අපි තීරණය කරලා තියනවා . පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඕනෙ නෑ අනුර මහත්තයෝ අපිට තිබිච්ච රට ලබා ගැනීම වෙනුවෙන් අපි දැවැන්ත උද්ඝෝෂණයක් සිද්ධ කරනවා.මේ චෞර අනුර හරිනි ටිල්වින්ගේ ආණ්ඩුවට එරෙහිව අපි ජනතාවාදී ක්‍රියාවලියක් කරගෙන යන්නේ.''