කොළඹ වරායට පාකිස්ථානු යුද නෞකා දෙකක් සහ සබ්මැරීනයක් එයි - හේතුව මෙන්න

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සුහද සංචාරයක් මෙන්ම සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමට පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS Taimur’, ‘PNS Aslat’ යන යුද නෞකා දෙක සහ ‘PNS/M Hangor’ නැමැති සබ්මැරීනය ඊයේ (01) දින කොළඹ වරායට පැමිණි බව දන්වයි.

එමෙන්ම කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකාවන් සහ සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ඇති බව සඳහන්.

පැමිණි ‘PNS Taimur’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නියාමත් සයීඩ් ඛාන් ද, ‘PNS Aslat’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නදීර් මටීන් අෆ්රිඩි (Nadir Mateen Afridi) ද කටයුතු කරන අතර, ‘PNS/M Hangor’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් උසයිර් ෆාරුක් (Uzair Farooq) කටයුතු කරනු ලබන බවත් නාවික හමුදාව සඳහන් කර ඇත.

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

එසේම මෙම සංචාරය අතරතුර එම නෞකාවන්ගේ සහ සබ්මැරීනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇත.

සිය සංචාරය නිමා කරමින් ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් සමඟ එක්ව බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක නිරත වීමට ද නියමිත බව නාවික හමුදාව සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයකින්ම මූල්‍ය පාඩුවක් - සහනාධාර අවසන්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයකින්ම මූල්‍ය පාඩුවක් - සහනාධාර අවසන්

මේ වාහනවල සුවිශේෂී පෙරළියක් - අරගෙන අවුරුද්දක් යනතුරු අලුත්වැඩියාව නොමිලේ

මේ වාහනවල සුවිශේෂී පෙරළියක් - අරගෙන අවුරුද්දක් යනතුරු අලුත්වැඩියාව නොමිලේ