යුක්රේන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හමුවීමට සැරසෙයි

By Gagana News Feb 27, 2025 10:43 AM GMT
Report

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) හමුවීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එළඹෙන සිකුරාදා වොෂිංටන්හිදී මෙම හමුව සිදුවීමට නියමිත බවයි.

එහිදී දෙරට අතර ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳව ගිවිසුමකටද එළඹීමට නියමිතව තිබෙනවා.

රුසියාවෙන් සිය රටට එල්ල වන ආක්‍රමණ සම්බන්ධයෙන් සහතිකයක් ලබාදෙන ලෙසට යුක්රේන ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එවන් සහතිකයක් ඇමරිකාවට ලබාදිය නොහැකි අතර එහි වගකීම යුරෝපය දැරිය යුතු බවයි.  

ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න - වීඩියෝ

ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න - වීඩියෝ

ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්