ඉන්ධන මිල ඉහළ යෑමෙන් බස් ගාස්තු වැඩි වෙයිද? රජයෙන් දැනුම්දීමක්

Report

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා නිවේදනය කර ඇත්තේ ඉන්ධන මිල ගණන් ඉහළ ගියද මේ අවස්ථාවේ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බවයි.

එමෙන්ම බස් ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධන සමීකරණයට අනුව බවත් ඉන්ධන මිල වෙනස්වීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් එම වෙනස සියයට 4කට වැඩි මට්ටමක තිබිය යුතු බවත් ඔහු පවසයි.

ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩි වෙයිද? ජාතික ගමනාගමන කොමිසමෙන් නිවේදනයක්

ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩි වෙයිද? ජාතික ගමනාගමන කොමිසමෙන් නිවේදනයක්

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවසුවේ,

"තෙල් මිල වැඩිවීමත් එක්ක බස් ගාස්තු වැඩිවීමක් වෙන්නේ නැහැ. බස් ගාස්තු වැඩිවෙන්නේ සමීකරණයට අනුවයි. ඒ අනුව සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වෙනස් වුණොත් විතරයි බස් ගාස්තු සංශෝධනය කරන්නේ. මෙවර ඉන්ධන මිල වැඩිවීම එම සීමාව ඉක්මවා නැති නිසා බස් ගාස්තු වැඩි කිරීමක් සිදු වෙන්නේ නැහැ,"

එමෙන්ම ජාතික ගමනාගමන කොමිසම (NTC) මින් පෙරද නිවේදනය කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මැයි 30 දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.

එමෙන්ම ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බවයි.

මේ අයට හෙට ඉන්ධන සහනාධාරයක් ලැබෙයිද? ප්‍රවාහන අමත්‍යංශයට කරන්න යන ඉල්ලීම මෙන්න

මේ අයට හෙට ඉන්ධන සහනාධාරයක් ලැබෙයිද? ප්‍රවාහන අමත්‍යංශයට කරන්න යන ඉල්ලීම මෙන්න