ඩොලරයේ විකුණුම් අනුපාතය තවදුරටත් පහතට - රටම හොයන අද ඩොලරයේ මිල ගණන් මෙන්න

Report

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද  නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

වාණිජ බැංකු සමහර බැංකුවල විකුණුම් අනුපාතය රු. 330ක් වැනි අවම අගයකින් පහත හෙලීමක් විය.

සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 329.25 සිට රු. 323.25 දක්වා සහ රු. 347 සිට රු. 337 දක්වා අඩු වී ඇත.

NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 330 සිට රු. 325.50 දක්වා සහ රු. 340 සිට රු. 334.50 දක්වා අඩු වී ඇත.

"ඩොලරය 450ට ගියත් කමක් නෑලු" - මුදල් අමාත්‍යාංශයේ කෙරුවාව නාමල් රාජපක්ෂ රටටම හෙළි කරයි

"ඩොලරය 450ට ගියත් කමක් නෑලු" - මුදල් අමාත්‍යාංශයේ කෙරුවාව නාමල් රාජපක්ෂ රටටම හෙළි කරයි

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 330.06 සිට රු. 320.58 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය ද රු. 340.11 සිට රු. 329.66 දක්වා පහත වැටී ඇති බවයි.

මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 331.42 සිට රු. 324.47 දක්වා සහ රු. 342.50 සිට රු. 335.50 දක්වා අඩු වී ඇත.

සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 331.50 සිට රු. 321.50 දක්වා සහ රු. 340.50 සිට රු. 330.50 දක්වා අඩු වී ඇත.

GalleryGalleryGalleryGallery