ලෝකෙටම රතු එළියක් වගේ - ඉබෝලා ආසාදිතයෝ 200ක් කදවුරෙන් පැනලා ගිහින්
ඉබෝලා වයිරස ආසාදිතයන් යැයි සැක කෙරෙන අප්‍රිකාවට අයත් කොංගෝවේ පුද්ගලයන් රඳවා තැබූ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට කලහකාරීව හැසිරුණු පිරිසක් පහර දී ඇත.
සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ගේ කඳවුරු ගිනිබත් කිරීමට ද එම පිරිස කටයුතු කර ඇත. එම මධ්‍යස්ථානයේ ඉබෝලා ආසාදිතයන් යැයි සැක කෙරෙන, රෝග ලක්ෂණ පෙන්නුම් කළ 200 කට වැඩි පිරිසක් සිටි අතර, ඔවුන් සියලු දෙනා පලා ගොස් ඇත. වෛද්‍යවරු පවසන්නේ ප්‍රහාරය එල්ල වූයේ, මොන්ග්බ්වාලු නගරයේ පිහිටි, වෛද්‍ය සායනයකටය.
ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?
පලා ගිය 200 දෙනාගෙන් 18 දෙනකු නිෂ්චිත වශයෙන්ම ඉබෝලා ආසාදිතයන් බවට තහවුරු වී සිටියේ යැයි පවසති. මීට දින කීපයකට පෙර මේ අයුරින්ම රුවන්පාරා නගරයේ ඉබෝලා රෝගීන් යැයි සැක කළ පිරිස් රඳවා තැබූ වෛද්‍ය සායනයකට ප්‍රහාරයක් එල්ල විය. දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානයට අයත් වෛද්‍යවරුන්ගේ කූඩාරම් ගිනිබත් කෙරුණි.
ඊට හේතුව වූයේ, ඉබෝලා වැළඳී මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුර භාරදීම සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමය. ගිනි තැබීම කළේ කෝපයට පත්වුණු එම පුද්ගලයාගේ ඥාතීන් බව පැවැසෙයි.
මේ වනවිට අප්‍රිකාවේ කොංගෝ සහ උගන්ඩා යන රටවල ව්‍යාප්ත වෙමින් පවතින බුන්ඩිබුග්යෝ නමැති දුර්ලභ ඉබෝලා ප්‍රභේදය සඳහා මෙතෙක් සාර්ථක එන්නතක් සොයාගෙන නොමැති අතර, දැනටමත් රට තුළ සැකකටයුතු ආසාදිතයන් 750ක් සහ සැකකටයුතු මරණ 177ක් වාර්තා වී ඇත.