රටම ආන්දෝලනයකට ලක් කළ විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි
ලංකාවේ මහත් ආන්දෝලනයකට තුනු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු සියදිවි නසාගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පූබාලන් ජයකුමාර් නම් 46 හැවිරිදි අයෙකි.
ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා තිබූ අතර ඊයේ රාත්‍රියේ සැකකරු සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
"ඒක පැහැදිලි මිනීමැරුමක්" - කපිල චන්ද්‍රසේනගේ නඩුවේදී පොලිසිය අල්ලපු අය වෙනස්? රටම හොල්ලන ඇත්ත මෙන්න
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මැයි 6වැනිදා යළිත් තහවුරු කර ඇත .
මෙම අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදී තිබුණි.
ඒ වගේම තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද එහිදී අධිකරණය විසින් නියම කළේය.
එම නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මෙම සියදිවි හානිකරගත් මරණකරු ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් තිදෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.