සුළු මොහොතකට පෙර විමල් වීරවංශ අත්අඩංගුවට
පසුගිය මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා දීම සදහා තලංගම පොලිසිය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් විරවංශ අත්අඩංගුවට ගෙන ඇති බව තොරතුරු වාර්තා වේ.
මේ බව හිටපු අමාත්‍යවරයාගේ නිල මුහුණුපොතෙහි පොස්ටුවක් පළකර ඇත. මින් පෙරද "රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි" යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.
පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙනවා.එදාට අපි යනවා " යයිද ඔහු සඳහන් කළේය.
වීරවංශ මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.