ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - රැවටෙන්න එපායැයි ඉල්ලීමක්
මුදල් අච්චු ගැසීම, රටේ සමස්ත මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය වීම වැනි සංකීර්ණ ආර්ථික ක්‍රියාවලීන් පිළිබඳව මේ දිනවල සමාජයේ සංසරණය වන නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම මාතෘකා අතිශය සංකීර්ණ මෙන්ම ඒ පිළිබඳව මනා තාක්ෂණික සහ න්‍යායාත්මක දැනුමකින් යුතුවම විග්‍රහ කළ යුතු විශේෂිත ක්ෂේත්‍රයන් වන බවයි.
එවැනි නිසි තාක්ෂණික හෝ වෘත්තීය දැනුමකින් තොර බාහිර පාර්ශ්වයන් විසින් විවිධ අරමුණු පෙරදැරිව සිදුකරනු ලබන පදනම් විරහිත ප්‍රකාශ මඟින් අනවශ්‍ය කලබලකාරීත්වයක් ඇති විය හැකි බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයකින් සහ විමසිල්ලෙන් පසුවන ලෙස මහ බැංකුව නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එබැවින් රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේදී සැමවිටම නිල සහ විශ්වාසනීය දත්ත කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස ද දන්වා සිටියි.