ලංකාවට මහ බැංකු අධිපතිගෙන් ඊළඟ අවුරුද්දටත් රතු එළියක් - උද්ධමනය ඉදිරියටත් ඉහළ මට්ටමකම තිබෙන බවට පුරෝකථනයක්
8%ක්ව පවතින උද්ධමනය මෙම වසර තුළ සහ ලබන වසරේ මුල් කාලය තුළද ඉහළ මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ 2027 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්ධමනය මහ බැංකුවේ 5%ක ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඊට අමතරව මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ උද්ධමනය ඉහළ යාමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමට මේ වනවිට මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කරමින් පියවර ගෙන තිබෙන බවයි.
තවද ඉදිරියේදීද එවැනි අවිනිශ්චිත තත්ත්වයන් ඇති වුවහොත්, ආර්ථිකයට ඇතිවන බලපෑම් අවම කිරීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය මෙන්ම රජයේ රාජ්‍ය මූල්‍ය ප්රතිපත්තියද අවශ්‍ය ලෙස භාවිත කිරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.