මේ සමාගම්වලට අහුවෙන්න එපා - සමාගම් 22ක් ගැන මහා බැංකුවෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් 2025 නොවැම්බර් 19 වන දින මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින්, තහනම් පිරමිඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීමෙන් වැළකින ලෙස අනතුරු ඇඟවීමක් කර ඇත. මෙම නිවේදනය 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 83(C) වගන්තියට අනුව සිදුකරන ලද පරීක්ෂණ මත පදනම් වූවකි.
පරීක්ෂණවලදී CBSL විසින් තහවුරු කර ඇත්තේ, “SGO/sgomine.com” යනුවෙන් හඳුන්වන ඔන්ලයින් යෝජනාව, තහනම් පිරමිඩ ආකාරයේ යෝජනා ක්රමයක නියැලී සිටීම, මෙහෙයවීම සහ ප්‍රවර්ධනය කිරීමයි. මෙම යෝජනාව සමඟ සම්බන්ධ වීමෙන් මහජනතාවගේ මුදල් අහිමි වීමේ ඉහළ අවදානමක් පවතින බැවින්, එයට ආයෝජනය කිරීමෙන් හෝ සම්බන්ධ වීමෙන් වැළකින ලෙස CBSL විසින් විශේෂයෙන් අවධාරණය කර ඇත.
- ටියන්ස් ලංකා හෙල්ත් කෙයාර් (පුද්) සමාගම ( Tiens Lanka Health Care (Pvt) Ltd)
- බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම (Best Life International (Pvt) Ltd)
- මාර්ක් - වෝ ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම (3. Mark – Wo International (Pvt) Ltd)
- වී එම් එල් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම (V M L International (Pvt) Ltd)
- ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම (5. Global Lifestyle Lanka (Pvt) Ltd)
- ෆාස්ට්3සයිකල් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම (Fast3Cycle International (Pvt) Ltd)
- ස්පෝර්ට් චේන් ඇප්, ස්පෝර්ට් චේන් zs සමාජය ශ්‍රී ලංකා (Sport Chain app, Sport Chain zs society Sri Lanka)
- ඔන්මැක්ස්ඩීටී (OnmaxDT)
- එම්ටීඑෆ්ඊ ඇප්, එම්ටීඑෆ්ඊ එස්එල් සමූහය, එම්ටීඑෆ්ඊ සක්සස් ලංකා, එම්ටීඑෆ්ඊ ඩීඑස්සීසී සමූහය (MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group)
- ෆාස්ට්වින් (පුද්) සමාගම (Fastwin (Pvt) Ltd)
- ෆෲගෝ ඔලයින් ඇප්/ ෆෲගෝ ඔලයින් (පුද්) සමාගම (Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd)
- රයිඩ් ටු ත්‍රී ෆ්‍රීඩම් (පුද්) සමාගම (Ride to Three Freedom (Pvt) Ltd)
- ක්නෙට්/ ක්වෙස්ට්නෙට් ( Qnet/ Questnet)
- එරා මිරැකල් (පුද්) සමාගම සහ ජෙනසිස් ව්‍යාපාරික පාසල (Era Miracle (Pvt) Ltd. And Genesis Business School)
- ලෙජර් බ්ලොක් (Ledger Block)
- ඉසිමාගා ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම (Isimaga International (Pvt) Ltd)
- බීකොයින් ඇප් සහ සන්බර්ඩ් පදනම (Beecoin App and Sunbird Foundation)
- වින්ඩෙක්ස් ට්‍රේඩින් (Windex Trading)
- එන්රිච් ලයිෆ් (පුද්) සමාගම (The Enrich Life (Pvt) Ltd)
- ස්මාර්ට් වින් ව්‍යවසායකයා (පුද්) සමාගම (Smart Win Entrepreneur (Pvt) Ltd)
- නෙට් ෆෝර් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම/ නෙට්රික්ස් (Net Fore International (Pvt) Ltd./ Netrrix)
- ප්‍රෝ කෙයාර් (පුද්) සමාගම, ෂේඩ් ඔෆ් ප්රොකෙයාර් (පුද්) සමාගම (Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd)