අද කොළඹට පැමිණෙන විදුලි සේවකයෝ...යළිත් රට අදුරේද..?

By Sewvandhi Dec 14, 2021 12:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (14) දිනයේදි විදුලිබල මණ්ඩල සේවකයන්ගෙන් කොටසක් අසනීප නිවාඩු වාර්තා කර විරෝධතා ව්‍යපාරයක් පැවත්වීමට තීරණය කර තිබේ.

පසුගිය කාලයේ සිදුවූවිදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හා විදුලිබල මණ්ඩලයේ දියුණුවට අදාළව තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියා මාර්ගයන්ට එළඹෙන බව අවනීතියට එරෙහි ලංකා විදුලිබල මණ්ඩල සේවක පවුර සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ සේවා වාරවල නොමැති විදුලිබල මණ්ඩල සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර කොළඹට පැමිණෙන බවත්, අනතුරුව කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යපාරය පවත්වන බවත් එම සංවිධානය කියා සිටී.

මෙම ඉල්ලීම් දෙක මුල් කර ගනිමින් අද සිදුකරන ක්‍රියාමාර්ග සඳහා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන වෘත්තිය සමිති 15ක් සම්බන්ධ වන බවද එම සංවිධානය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now