වෙඩින් දානේ ගෙවල් කරලා හමාරයි - මේ දේවල්වල මිලත් අහස උසට
සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුන්ගේ (Catering) සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කළ බව පවසයි.
ඒ අනුව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අකිල ජයරත්න මහතා සඳහන් කළේ, ලබන මැයි මාසයේ සිට ලබාගන්නා නව ඇණවුම් සඳහා 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යා හැකි බවයි.
එමෙන්ම පවතින ඉන්ධන අර්බුදය, වැට් බදු සංශෝධන සහ භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් තම කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දෙන එම සංගමය, දැනටමත් ඇණවුම් කර ඇති සේවාවන් සඳහා ද 10%ක මිල වැඩි කිරීමක් සිදු කිරීමට තීරණය කර ඇත.
කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගැනීමට සිදුවූ බව පවසන ඔවුහු, රජය මැදිහත් වී තම ගැටලුවලට සහනයක් ලබා දෙන්නේ නම් මෙම මිල ගණන් නැවත අඩු කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් අවධාරණය කළහ.