වරදක් වුණත් මම ඒ ගැන අහිතක් නෑ. මම එතුමාට මෛත්‍රී කරනවා - අධිකරණ ඇමතිගේ අසභ්‍ය අභිනයට අජිත් දෙවියෙක් වගේ සමාව දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද(08) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයක් තවදුරටත් ඉදිරියට ගෙන යාමෙන් වැළකී සිටින බව සඳහන් කළා.
අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කළ බව කියූ අසභ්‍ය අභිනයක් සම්බන්ධයෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවූ බවට ඉදිරිපත් කළ යෝජනාව එසේ හකුළුවා ගනිමින් ඔහු පැවසුවේ තම පැරණි මිත්‍රයෙක් වන අධිකරණ අමාත්‍යවරයාට ඔහු සමාව දුන් බවයි.
එසේම එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ,
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ආචාර ධර්ම සංග්‍රහයේ 32 වන වගන්තිය ප්‍රකාරව අධිකරණ අමාත්‍යතුමා විසින් අසභ්‍ය අභිනයක් සිදු කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවී ඇති බවටයි මම මේ යෝජනාව ඉදිරිපත් කළේ. නහී වේරේන වේරානී සම්මන්තීධ කුදාචනං අවේරේනච සම්පත්තී ඒස ධම්මෝ සනන්තනෝ....කියලා අපි ඉගෙන ගෙන තියෙනවා. ඒවගේම සමාව දීම දේවගතියක් කියලා අපි ඉගෙන ගෙන තියෙනවා. මේ නිසා මගේ පැරණි මිත්‍රයා, එතුමා අතින් වරදක් වුණත් මම ඒ ගැන අහිතක් නෑ. මම එතුමා කෙරෙහි මෛත්‍රී කරනවා ඒ නිසා මම මේ වරප්රසාදේ ප්‍රශ්නෙ ඉදිරියට ගෙනියන්නේ නෑ මොකද මේ ක්‍රියාදාමය තුළ එතුමාට පෞද්ගලිකව අගතියක් වෙන්න පුළුවන්. ඒ නිසා එතුමාට මම සමාව දෙනවා. මම එතුමාට මෛත්‍රිය කරනවා" යනුවෙන්.