අනියම් පෙම නිසා විවාහය කඩාකප්පල් කර ගත් මානසික රෝගී පස් මස් ගැබිනිය,කාමාතුරයන්ගේ ගොදුරක්ව දරුවාද අහිමිව සිදුකරන අතිශය සංවේදී පාපොච්චාරණය..

Shanthi Kumari Jayaneththi mental patient Samanthi Jagath casual love
By Sewvandhi Jan 15, 2022 10:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

"මානසික ලෙඩෙක්" කිව්වම ඔයාගේ ඔලුවේ මැවෙන්නෙ කොහොම චිත්‍රයක්ද ? අපි ඒ අයිට ඇතැම් තැනෙක කියනවා, "පිස්සෝ" කියලත්... ඒත් ඇත්තටම ඒ කියන "පිස්සන්"ගේ පිටිපස්සෙ තියෙන කතාව බොහෝම ඛේදජනකයි.

මේ තියෙන්නෙත් මුහුණූ පොතෙන් අපිට හමුවුණු ඒ විදිහේ කතාවක්...

" මට හෙට ටිකට කපනවා නෝනා, ඒක හින්දා අර රතු උස දොස්තර මහත්තයා කිව්වා මට නෝනාව මුන ගැහෙන්න කියලා " " ඉතින් ගොඩක් සතුටුයි නේද මොකක්ද නම කිව්වේ " " මම සමන්ති, මොන සතුටක් ද ? නෝනා මේ බිත්ති හතරෙන් එහා මට කාත් කවුරුත් නැහැ මම මෙහාට ඇවිත් දැන් ගොඩක් කල්" සමන්ති මට මුහුණ ගැහෙන්නේ මානසික වාට්ටුවෙනි.

ඇය මානසික රෝගයක් සදහා රෝහලේ නැවතී බොහෝ කාලයක් ප්‍රතිකාර ගත් කෙනෙකි. බොහොම ලස්සන ජීවිතයක් ගත කරපු සමන්තිට පිස්සු හැදුනේ ඇයි?......ඇගේ කතාව මෙසේය .... සමන්ති , පාලිත සමග විවාහ වුනේ ආදර සම්බන්ධයකිනි.

සමන්තිට මව්පියන් නැත . ඇය කුඩා කළ සිට වැඩුනේ පියාගේ සහෝදරිය ළගය. සමන්තිගෙන් නිදහස් වීම ඇගේද එකම බලාපොරොත්තුව විය . එනිසාම පාලිත සමන්ති විවාහය ඉක්මනින් සිද්ධ වුණි. සමන්ති පාලිත සමග බොහොම ආදරණීය ජීවිතක ගත කලේය . පාලිත ආණ්ඩුවේ කාන්තෝරුවක ලිපි කරුවෙකි.

කල්ගතවත්ම මොවුන්ට දරුවෙක් ලැබුනි. පාලිත කෙසේ හෝ තම වැටුපෙන් නිවහනකද තනාගෙන සමන්ති සමග සතුටින් ජීවිත් විය . මේ පවුලට කණ කොකා හඩන්නට වැඩිකලක් ගත වූයේ නැත . දරුවා පෙර පාසල් යැවීමට කාලය එළඹුණි. සමන්ති උදේ ට දරුවා සමග පෙරපාසල් යයි. කිසිදා නිදහසක් නොලද සමන්ති ට මේ කාලය හොඳ නිදහස් කාලයක් විය .

සමන්තිට පෙර පාසල ළගදි බොහෝ මිතුරියන් මුණ ගැසිණි . කිසිදා ජoගම දුරකතනයක් නොලද සමන්ති පාලිතට බොහෝ ඇවිටිලි කර එයද ලබා ගත්තා ය. දැන් සමතිට බොහෝ මිතුරන් ආශ්‍රය නිසා නිතර නිතර කෝල් ද ආවේය . දිනක් මගහැරුනු ඇමතුම් කිහිපයක් ජoගම දුරකතනයේ තිබුනි .

සමන්ති ඒ කවුරු දැයි දැන ගැනීමට නැවත ඇමතුමක් ගත්තා ය. " කවුද මේ මට කෝල් අරන් තිබුණේ " " මම ඔයා දන්නවා මම ගොඩක් කල් ඉදලා ඔයා දිහා බලාගෙන ඉන්නේ අනේ ප්ලීස් නoගි පෝන් එක තියෙන්න එපා මම ජගත් . මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා . ඔයා ගොඩක් ලස්සනයි . ඇත්තටම මම ඔයාට කතා කරන්න ගොඩක් ආසයි . ඉන්න මම ඔයාට රීලෝඩ් එකක් දාන්නම්.

ඉන්න මම ඔයාට ගන්නම් " ජගත් පාසල් වෑන් රථ රියදුරෙක්. සමන්ති සමග නිතරම ජගත් කතාවට වැටුනි. ජගත් ගේ කපටි ආදරයෙන් සමන්ති පිස්සු වැටුනි. ඇයට තමා මවක් බව වත් අමතක විය . වෙනදා මෙන් දරුවා ගේ අධ්‍යාපන කටයුතු හොයා බලා කලේ නැත . නිවසේ කටයුතු ද පැහැර හැරියාය. දරුවා සමග පෙර පාසල් ගොස් නිවසට විත් ජගත් සමග දුරකතනයෙන් පැය ගනන් කතා කලාය .

දරුවා කෑවාද නෑවාද කිසිවක් නැත . ටික දිනකින් පාලිතට සමන්ති ගැන සැකයක් ඇතිවී සමන්තිට නොදැනීම ඈ යන තැන් සෙවීය. සමන්ති ජගත් සමග හොටෙල් කාමරයකදී පාලිතට අතටම අසු විය. තාමාගේ දරුවා ගැන වත් නොසිතා සමන්ති ජගත් සමග යන්නට ගියාය. පාලිත සමග දික්කසාද වීමටද එතරම් කාලයක් ගත නොවීය.

සමන්ති හිතුවේ ජගත් සමග ආදරණීය ජීවිතයක් ගත කිරීමය. එහෙත් ජගත් විවාහකයෙක් බව ඇය දැන සිටියේ නැත . ජගත් සමන්ති කාමාතුරයන්ට මුදලට විකුනුවේය. මෙසේ කාලයක් ගත විය . සමන්ති ට කිසම මුදලක් ජගත් නොදුන්නේය. පාලිත ගෙන් කිසිදා පහරක් නොකෑ සමන්තිට ජගන් අතට අහුවෙන දෙයින් දමා ගැසුවේ ය. මෙහෙම මාස කිහිපයක් ගතවත්ම ජගත් පරන නඩුවක් නිසා හිරේ ගියේ ය .

මේ වන විටත් සමන්ති මානසික රෝගී තත්ත්වයකින් පසුවූවා ය. පාලිතද නැවත විවාහ විය . සමන්ති යන එනමක් නැතුව ඔහේ ඉබාගාතේ ඇවිද්දාය. මානසික රෝහලට සමන්ති ඇතුලත් කරනවිට ඇය සයමස් ගැබිනියකි. ඉබාගාතේ ඇවිදින කාලේදී බොහෝ අතවරයන්ට සමන්ති මුහුණ දුන්නාය. සමන්ති ගේ දරුවා ද මිය ගියේය .

දෙවසරකටත් වඩා වැඩි කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු සමන්ති ට සුවය ලැබුනි . එහෙත් සමන්තිට යන්න තැනක් හෝ ඇය බාර ගැනීමට කිසිවෙක් නැත . එනිසාම ඇයට ළමා නිවාසයක සහයිකාවක් ලෙස යැවීමට රෝහල් කාර්යය මන්ඩලය සූදානම් කරන ලදී .

විවාහ යන්නේ අරුත් නොදත් බොහෝ සමන්තිලා ඇත . ආදරණීය බිරිඳක් , ආදරණීය මවක් තම පවුලට වගකීම් ඉටුකරන්නියක් බව බොහෝ දෙනෙකුට මතක නැත . නිදහසෙන් අයුතු ප්‍රයෝජන ලබන්නට යන බොහෝ දෙනෙකුගේ ඉරනමද මෙසේම විසදෙන්නේය.

විවාහ ජීවිතයේ කොතෙකුත් ගැටලු ඇතිවේ. ඕනෑම ගැටලුවකට විසදුමක් ඇත . දරුවන් යහපත් පුරවැසියන් කිරීමට නම් වැඩිහිටියන් යහපත් පවුල් ජීවිත ගත කළ යුතුව ඇත . පවුල් ජීවිතයේ ප්‍රශ්න ගැටලු සදහා ඔබට මනෝ උපදේශන හා මනෝ ප්‍රතිකාර ලබා ගත හැකිය . ශාන්ති කුමාරි ජයනෙත්ති ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now