තිදරු මවගේ අනියම් පෙම නිසා අවසානයේ තරුණයෙකුත් ජීවිතයෙන් වන්දි ගෙවයි..
පුත්තලම වෙට්ටුකුලම් මාර්ගයේ පදිංචි හානුල් මනාහිල් නම් විවාහක තරුණයාට ජීවිතය අහිමි වූයේ අනියම් පෙම් පළහිලව්වක් විසඳීමට ගත් උත්සාහයක් නිසයි. අවුරුදු විසිපහක් වූ ඔහු මාස කීපයකට පෙරයි විවාහ වූයේ. පුත්තලම මරික්කාරවීදිය හි පදිංචි ෆාතිමා විවාහක කාන්තාවක්. වයස අවුරුදු 34ක් වූ ඇය තිදරු මවක්. ඇය සිය නිවසේම සුළු ඇඟලුම් කටයුතු වල යෙදුණා.
ඇගේ ස්වාමියා වසර කීපයක සිට විදෙස් ගතව සේවය කරනවා. විදෙස් ගත වීමෙන් පසු ඔහු කීප අවස්ථාවක් ලංකාවට පැමිණි අතර ඔහු අවසන් වරට පැමිණ නැවත වරක් විදෙස් ගත වූයේ මාස කීපයකට පෙරයි. ඇගේ ඇගලුම් නිපැයුම් එහා මෙහා රැගෙන යන්නෙ ත්රීවිල් රථයකිනුයි. එහි රියදුරු පුත්තලම පදිංචි අයෙක්. සතියකට කීප වතාවක් මෙසේ එහා මෙහා යන අතරතුර මේ දෙන්නා අතර ආදර සම්බන්ධයක් ඇති වුණා.
මේ සම්බන්ධය නිසා දරුවන් තිදෙනෙකුගේ අනාගතය කෙසේ විසඳෙයිද යන්නත්, තම සොයුරා මීට කුමන ආකාරයක විසඳුමක් දෙයිද යන්නත් ගැනත් ෆාතිමාගේ ස්වාමි පුරුෂයාගේ සහෝදරියන් නිරන්තරයෙන් කණස්සල්ලෙන් පසුවුණා. ඒ හේතුවෙන් මේ සම්බන්ධව කතාබහ කර ගැනීමට යැයි සිතා ඉකුත් 29 වැනිදා රාත්රී හයයි තිහට පමණ ෆාතිමාගේ ස්වාමියාගේ සොයුරිය, සොයුරියගේ ස්වාමිපුරුෂයා තවත් ඥාති සහෝදරයෙක් හා ඔහුගේ බිරිය ෆාතිමාගේ නිවසට ගියා.
එම නිවසට යද්දිත් ඔවුන්ගේ සැකය තහවුරු කරන සාක්ෂි දැකගන්න ලැබුණා. එනම් ෆාතිමාගේ නිවස ඉදිරිපට තිබූ ත්රීවිල් රථය නිසයි. අඳුර වැටීගෙන එද්දි ත්රී රෝද රථයක් පැමිණ ඇත්තේ ඇයි දැයි ඔවුන් විමසුවා. තමන් මෙහි පැමිණියේ වෙනත් කරුණක් නිසා නොව හයර් එකක් නිසා බව ඒ වන විටත් නිවසේ පුටුවකට බර දී නිදහසේ සිටි ෆාතිමාගේ අනියම් පුරුෂයා පැවසුවා. මේ විමසීම බහින්බස් වීමක් දක්වා දුර දිග යන්නේ ඉන් අනතුරුවයි.
ෆාතිමා තරයේ කියා සිටියේ ඔහු සමඟ සම්බන්ධයක් නොපැවැත් වූ බවයි. එහෙත් අන් අය එය පිළිගත්තෙ නැහැ. අවසානයේ මේ ගැටුම දුර දිග ගියා. එම අවස්ථාවේ එක් වරම ත්රී රෝද රියේ රියදුරු මුලුතැන්ගෙය දෙසට දිව ගොස් පිහියක් ගෙන පැමිණියේ ඒ නිවස ගැන හොඳ දැනුම් තේරුම් ඇති අයෙකු ලෙසයි.
රැගෙන ආ පිහියෙන් ඔහු ඥාති සහෝදරයාට පහරක් එල්ල කළා. සිරුර පාසාරූ කරගෙන ගිය එම පහරින් තුවාල ලැබූ ඥාතී සහෝදරයා එම ස්ථානයේම ඇද වැටුණා. දැඩි ලෙස ලේ වහනය වෙමින් සිටි ඔහු පුත්තලම රෝහල ගෙන ගියෙත් මේ ත්රී රෝද රියෙන් මයි. පිහි පහර එල්ල කළ රියදුරාද ඊට එකඟ වුණා. තුවාලකරු රෝහල්ගත කළ පසු රියදුරු හිමින් සීරුවේ පළා ගියා. කෙසේ වෙතත් විමර්ශන ගණනාවක් අවසානයේ සැකකරු අල්ලා ගැනීමට පොලීසියට හැකියාව ලැබුණා.( මාංචු පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |