ජෝන්ස්ටන්ට එරෙහි නඩුවක් විභාගයට

Sri Lanka Sinhala news
By Akash May 27, 2025 06:00 AM GMT
Akash

Akash

Report

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව අද) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා.

රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක්..

රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක්..

මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ පැවැත්වෙන අතර එහිදී පැමිණි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමද සිදුවුවා.

සමන්දේවාලේ බස්නායක නිළමේ පත්විම තවත් කල්යයි

සමන්දේවාලේ බස්නායක නිළමේ පත්විම තවත් කල්යයි

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පසුවට කල් තැබුණා. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළද අමාත්‍ය ජෝස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් ශාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ReeCha