පිළිකා කාරක - පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබේ

Coconut Oil
By Thaya Mar 28, 2021 05:41 PM GMT
Report

පිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබීමට පියවරගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරුවීමෙන් පසු ඒවා ප්‍රතිඅපනයනය කෙරෙන තෙක් අදාළ ආයතන 3 ට මුද්‍රා තැබීමට පියවරගත් බවය.

කෙසේවෙතත් අද (27) දිනයේ ද පොල්තෙල් තොග වශයෙන් අලෙවි කරනු ලබන ව්‍යාපාරික ස්ථානවලින් සාම්පල ලබාගැනීමට පියවරගත් බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.