මහවැලි ගගේ තිබූ හමුවූ දේ මෙන්න...

By Sithumi Nov 28, 2021 10:23 AM GMT
Sithumi

Sithumi

Report

මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය මේ වනවිට ගොඩගෙන තිබේ. එහි සිටි පුද්ගලයෙකු තවදුරටත් අතුරුදන්ව සිටින අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය. 

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථයේ සිට ඇති අතර ඉන් බේරිමට සමත් වූ දෙ‍දෙනා මේ වනවිට මහනුවර මහා රෝහලට ඇතුළත් කර ඇත. මෙම මෝටර් රථය ඊයේ (27) මධ්‍යම රාත්‍රී 12.00ට පමණ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ඟගට පෙරළී තිබුණි. 

කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් වූ එය පෙරළෙන අවස්ථාවේදී රියදුරු සහ තවත් අයෙක් ඉන් පිටතට පැන දිවි ගලවාගෙන තිබුණි. මෙලෙස අනතුරින් අතුරුදන්ව ඇත්තේ ගුරුදෙනිය, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now