අවුරුදු 16 ට අඩු අය වෙනුවෙන් කැනේඩියානු රජයෙන් නව පනතක්

Report

කැනේඩියානු රජය මඟින් නව ඩිජිටල් ආරක්ෂණ පනතක් හඳුන්වා දී ඇති අතර එමඟින් වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරනු ලබන බව වාර්තා වේ.

එසේ වුවත් යම් සමාජ මාධ්‍ය ආයතනයක් මඟින් වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට සනාථ කරයි නම්, ඔවුන්ට මෙම තහනමෙන් නිදහස් විය හැකි බවත් සඳහන්.

එමෙන්ම ආරක්ෂක ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට ඩිජිටල් නියාමකයෙකු පිහිටුවීම ඔස්සේ AI චැට්බෝට් වඩාත් ආරක්ෂිත කිරීම ද මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව රජයේ නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම්

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම්

මෙම යෝජිත “ඩිජිටල් ආරක්ෂණ පනත” මඟින්, දරුවන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් ඇති කනස්සල්ල මත සමාජ මාධ්‍ය වේදිකා මර්දනය කිරීමට පියවර ගන්නා රටවල් රැසක නවතම රට බවට කැනඩාව පත්ව ඇත.

එමෙන්ම මෙම ඓතිහාසික සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත' (Safe Social Media Act / Bill C-34) කැනඩා පාර්ලිමේන්තුව (House of Commons) වෙත ඉදිරිපත් කර ඇත්තේ කැනේඩියානු අනන්‍යතා සහ සංස්කෘතික අමාත්‍ය මාර්ක් මිලර් විසින්.

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ

"අන්තර්ජාල හානිවලින් ඇති විය හැකි ඉතා බරපතළ ප්‍රතිවිපාක අපි දැක තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම දැඩි පියවරක්ම ගන්නවා" යනුවෙන්.

කෙසේ වෙතත් මෙම නීතියට අනුකූල නොවීම හේතුවෙන් සමාගම්වලට ගෝලීය ආදායමෙන් 3% ක් හෝ කැනේඩියානු ඩොලර් මිලියන 10 ක් තෙක් දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකි බවද සඳහන්.     

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට