රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම නව ක්‍රමවේදයකට (VIDEO)

covid19 vaccination channa jayasumana anil ja singhe goverment employee
By Sewvandhi Aug 05, 2021 12:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවය පළවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"මේ වෙනකොට රාජ්‍ය සේවයේ සිටිනවා අවුරුදු 18 සහ 30 අතර යම් පිරිසක් එන්නත ලබානොගත්. ඒ සියලු දෙනාට කඩිනමින් එන්නත් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිර්දේශ කරන පරිදි සතියකට මුර දෙකකට සේවයට කැඳවනවා. සඳුදා, අඟහරුවාදා, බදාදා කියන දින 3 එක් කණ්ඩායමකටත් බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා තවත් කණ්ඩායමකටත් සේවය ලබාදෙන්න පුළුවන් ආකාරයකට නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන්න එකඟතාව පළවුණා. ඒ වගේම රජයේ සේවයේ ඉන්න ගැබිනි මව්වරුන්ට තමන්ගේ නිවසේ සිට සේවය ලබාදෙන්න පුළුවන් ආකාරයට අවශ්‍ය පහසුකම සපයන්නත් ඒ වෙනුවෙන් අදාළ චක්‍රලේකය නිකුත් කරන්නත් තීරණය වුණා. "



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

ReeCha