ආයතන වෙත සේවකයින් කැඳවීම අද සිට වෙනස් වෙයි...පිරිසකට විශේෂ කරයි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය ආයතන වෙත සේවකයින් කැඳවීමේදී සිදුකළ සංශෝධන අද සිට ක්‍රියාත්මක වනවා.
මීට අදාළ චක්‍රලේඛය ඉකුත් 6 වනදා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි විසින් අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ප්‍රධානීන් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කෙරුණා.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල සේවකයින් අවම වශයෙන් සතියකට දින තුනක්, වාර්තාකළ යුතු වන ආකාරයට කණ්ඩායම් සකසා එම කණ්ඩායම් ආයතනයේ සේවය අඛණ්ඩව සැපයීමට හැකි ආකාරයට සේවයට කැඳවිය යුතු වනවා.
එසේම ගර්භනී සහ වයස අවුරුදු එකට අඩු ළදරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවීමට පියවර ගත යුතුයි.
එසේම සැක කටයුතු රෝග ලක්ෂණයකින් පෙළෙන බවට අනුමාන කළ හැකි සේවකයින් සේවයට නොකැඳවීමේ බලය ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බවයි රාජ්‍ය සේවා අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛයෙන් දැනුම්දී තිබුණේ.
මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
