රට පුරා සියලුම පෞද්ගලික රෝහල්වලට කරන්න යනදේ මෙන්න

Report

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට විගණකාංශ වාර්තාවක් නිකුත් කිරීමෙන් පසු, සියලුම පෞද්ගලික රෝහල් ශ්‍රේණිගත කිරීම සහ සාධාරණ ගාස්තු ව්‍යුහයක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.

වාර්තාවේ ප්‍රධාන නිර්දේශ:

  • සියලුම ලියාපදිංචි රෝහල්/සායන සඳහා ප්‍රමිති සැකසීම, නිරීක්ෂණය සහ ඇගයීමට විධිමත් යාන්ත්‍රණයක්.
  • වෛද්‍ය හා පරිපාලන කාර්ය මණ්ඩලයට අවම සුදුසුකම් බලාත්මක කිරීම.
  • පුහුණු ප්‍රමිති පවත්වාගෙන යාම.
  • රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම.

දිල්ලි අගනුවරේ ප්‍රබල පිපිරීමක් - 8ක් මරුට

දිල්ලි අගනුවරේ ප්‍රබල පිපිරීමක් - 8ක් මරුට

එසේම, මහජන පැමිණිලි විසඳීමට මාර්ගගත වේදිකාවක් ඇතුළුව කාලෝචිත විසඳුම් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ද වාර්තාව යෝජනා කරයි.

“පෞද්ගලික සෞඛ්‍ය ආයතනවල අධීක්ෂණය හා නියාමනය දැඩි කිරීම කෙරෙහි අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කර ඇත”

යැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

හෙට දිවයින පුරා වැඩ වර්ජනයක්

හෙට දිවයින පුරා වැඩ වර්ජනයක්