හෙට දිවයින පුරා වැඩ වර්ජනයක්
හෙට දිනයේ දීප ව්‍යාප්ත අයුරින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගොවි හඬ සංවිධානය තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් පවසනුයේ දිවයින පුරා ගොවි බිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතු වලින් හෙට දිනයේ ඔවුන් ඉවත්වන බවයි.
මෙයට හේතුව ලෙස සලකනුයේ පසුගිය සමයේ ලුණු ගොවීන් මෙන්ම අල ගොවීන්ද තමන්ගේ නිෂ්පාදිත විකිණීමේදී ඇති වූ දැඩි අපහසුතාවය හේතුවෙන් දේශීය ගොවියා රැකගැනීමට රජය උත්සාහ නොගැනීම යන කරුණු කාරණා බවද සඳහන් කරයි.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසමින් රට පුරා ගොවි වර්ජනයක් දියත් කිරීමට දේශයේ ගොවි හඬ සංවිධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් ඉවත් වී හෙට දිනයේ වර්ජනයක නිරත වන බවයි.
මේ අතර, ආරම්භ කිරීමට නියමිත මෙම ගොවි වර්ජනය හේතුවෙන් ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල සති අන්තයේ දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර එළවලු මිල පහත වැටීමක් ද වාර්තා වුණා.