පළාත් සභා මැතිවරණය කැඳවන්න යයි.

Sri Lanka Politician Election Political Development Sinhala news
By Akash May 08, 2025 11:33 AM GMT
Akash

Akash

Report

වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ පළාත් සභා මැතිවරණය ද ඉක්මනින් පැවැත්වීමට අවධානය යොමුවී ඇති බවයි සඳහන් වන්නේ.


පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සඳහා දැනටමත් ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.

ආණ්ඩු පක්‍ෂය අවස්ථා කිහිපයකදීම පැවසුවේ පළාත් සභා මැතිවරණයද හැකි ඉක්මනින් පවත්වන බවයි. ඊට අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු ඒ අනුව පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වන බවත් පවසා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදීද පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ වැදගත්කම දෙරටේ ඒකාබද්ද ප්‍රකාශනයෙන්ද පවසනවා.

මේ අතර තවත් අදහසක් වී ඇත්තේ දැනට පවතින ආකාරයෙන්ම පලාත් සභා මැතිවරණය නොපවත්වා පවතින ලෙසින්ම ඉදරියට යාමටයි.

ReeCha