ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනා පෙත්සම අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්කර ගනියි
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර ඇති නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කර ගෙන තිබේ.
මෙම නඩුකරයට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බැවින්, එම නියෝගය පදනම් කරගනිමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.