ඉරානයට ඇමරිකාවෙන් දැඬි පහරක් - තෙල් නැව් 17කට ඇමෙරිකාවෙන් සම්බාධක
ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය විසින් ඉරාන පාලන තන්ත්‍රය විසින් ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන නැව් සමූහයට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.
ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ 'Operation Economic Outcast' නමැති මෙහෙයුමේ පස්වැනි අදියර යටතේ ක්‍රියාත්මක වූ මෙම පියවර හරහා ඉරානයේ රහසිගත තෙල් ප්‍රවාහන ජාලයේ බහුතරයක් සම්පූර්ණයෙන්ම අක්‍රිය කර ඇති බවයි.
ඇමෙරිකානු මුදල් අමාත්‍යාංශයේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) මගින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී ඉරාන ඛනිජ තෙල් ප්‍රවාහනයට සම්බන්ධ නෞකා 17ක් සහ ඊට අදාළ ජාත්‍යන්තර සමාගම් රැසක් සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
මෙම පියවරේ ප්‍රධාන අරමුණ ලෙස ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මූල්‍ය අගහිඟකම් හමුවේ ඉරානය සිය නීතිවිරෝධී තෙල් අලෙවියෙන් උපයන ඩොලර් බිලියන ගණනක ආදායම වැළැක්වීම බවයි.
ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) ප්‍රකාශ කළේ ඉරාන පාලන තන්ත්‍රය කලාපීය නොසන්සුන්තාවන් සඳහා මුදල් යෙදවීම වැළැක්වීමට මෙම පියවර ගත් බවයි.