2026 සාමාන්‍ය පෙළ විභාග කාලසටහන එළියට- විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (අ.පො.ස. සා.පෙළ) විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ
ඒ අනුව, මෙවර විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන පාසල් අයදුම්කරුවන්ට මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ට ද අදාළ කාලසටහන පරීක්ෂා කර බලා සිය විභාග කටයුතු සැලසුම් කර ගැනීමට අවස්ථාව හිමි වේ.
විභාග කාලසටහන අනුව විෂයන් පැවැත්වෙන දින, විභාග ආරම්භ වන වේලාවන් සහ එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන් කර ඇති කාලය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම විභාග අපේක්ෂකයන්ට වැදගත් වේ
එමඟින් විභාගයට පෙර ඉතිරිව ඇති කාලය කාර්යක්ෂමව කළමනාකරණය කර ගනිමින් විෂය කරුණු පුනරීක්ෂණය කිරීම සඳහා සුදුසු සැලැස්මක් සකස් කර ගැනීමට ද හැකි වේ.