දැඬි ආරක්ෂාව යටතේ ශිරන්ති රාජපක්ෂ රෝහලට එයි - දැන් ලැබුණු පුවත මෙන්න
අද (09) කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා රැගෙන විත් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) ඇය බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශය මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත මෙලෙස ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
'සිරිලිය සවිය' ගිණුමේ සිදු වූ බව කියන මුදල් අක්‍රමිකතාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පසුගිය 07 වැනිදා නියෝග කර ඇත.