මෙල්බර්න් විහාරස්ථානයක දැරියන් හයදෙනෙකුට අතවර කළ හිමිනමට වසර 13ක සිර දඬුවමක්

By Aylin Zoya Oct 09, 2026 05:42 AM GMT
Report

මෙල්බර්න් නුවර විහාරස්ථානයකදී දැරියන් හය දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13යි මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මෙල්බර්න් ප්‍රාන්ත අධිකරණයක් විසින් මෙම දඬුවම නියම කර ඇති අතර, විජිත හිමියන් එම නුවර ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ‘ධම්ම සරණ’ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කර තිබෙනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව අතර ද උන්වහන්සේට පිළිගැනීමක් හිමිව තිබූ බව සඳහන්.

සිර දඬුවම අවසන් වීමෙන් පසු උන්වහන්සේ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඉඩ ඇති අතර, තමන් ස්වීඩනයට ආපසු යාමට කැමති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.   

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

ඇමරිකාවේ රැකියා සිහිනයට ලොකු බාධාවක්? විදේශීය සිසුන්ට රතු එළියක්

ඇමරිකාවේ රැකියා සිහිනයට ලොකු බාධාවක්? විදේශීය සිසුන්ට රතු එළියක්