''ඇපල් සමඟ කරට කර සටනට එන Samsung Galaxy S27?'' - මිල ගණන් ගැන අලුත් හෙළිදරව්වක්

Report

Samsung සමාගමේ මීළඟ ප්‍රමුඛ පෙළේ ස්මාර්ට්ෆෝන් මාලාව වන Galaxy S27 පිළිබඳ මිල ගණන් සහ තිර තාක්ෂණය සම්බන්ධ තොරතුරු අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම දුරකථන පිළිබඳ නිල නිවේදනයක් Samsung සමාගම මෙතෙක් සිදු කර නැහැ. වාර්තා අනුව, ලබන වසරේ මුල් භාගයේදී ඉන්දියාව ඇතුළු ගෝලීය වෙළෙඳපොළට හඳුන්වා දීමට අපේක්ෂිත Galaxy S27 මාලාවට දුරකථන මාදිලි හතරක් ඇතුළත් විය හැකියි.

ඒවා වන්නේ Galaxy S27, Galaxy S27+, Galaxy S27 Pro සහ Galaxy S27 Ultra යන මාදිලි හතරයි.

Galaxy S27 මාලාවේ අපේක්ෂිත මිල ගණන්

X සමාජ මාධ්‍යයේ Schrödinger (@phonefuturist) නමැති තොරතුරු හෙළි කරන්නෙකු පළ කළ සටහනකට අනුව, මෙම දුරකථනවල අපේක්ෂිත මිල ගණන් පහත පරිදි දැක්වෙනවා.

Galaxy S27, ඇමෙරිකානු ඩොලර් 899 සිට. අනෙකුත් ගෝලීය වෙළෙඳපොළවල ඩොලර් 999ක් පමණ.

Galaxy S27+, ඇමෙරිකානු වෙළෙඳපොළේ ඩොලර් 1,099ක් සහ අනෙකුත් වෙළෙඳපොළවල ඩොලර් 1,199ක් පමණ.

Galaxy S27 Pro. ඇමෙරිකානු වෙළෙඳපොළේ ඩොලර් 1,299ක් සහ අනෙකුත් වෙළෙඳපොළවල ඩොලර් 1,399ක් පමණ.

Galaxy S27 Ultra, ඇමෙරිකානු වෙළෙඳපොළේ ඩොලර් 1,399ක්, දකුණු කොරියාවේ ඩොලර් 1,499ක් සහ තෝරාගත් අනෙකුත් වෙළෙඳපොළවල ඩොලර් 1,499ත් 1,549ත් අතර මිලක්.

මෙම මිල ගණන් තවමත් තහවුරු නොකළ තොරතුරු මත පදනම් වන බැවින්, නිල මිල ගණන් ලෙස සැලකිය නොහැකියි.

ඉන්දියාවේ අතුරු මැතිවරණ ප්‍රතිඵල අද - විජේගේ ජනප්‍රියත්වය තීරණාත්මක පරීක්ෂණයක්

ඉන්දියාවේ අතුරු මැතිවරණ ප්‍රතිඵල අද - විජේගේ ජනප්‍රියත්වය තීරණාත්මක පරීක්ෂණයක්

තිර ප්‍රමාණ සහ නව තාක්ෂණය

ලීක් වූ තොරතුරුවලට අනුව, Galaxy S27 සහ Galaxy S27+ මාදිලි සඳහා පිළිවෙළින් අඟල් 6.3ක සහ අඟල් 6.7ක AMOLED තිර යොදාගැනීමට ඉඩ තිබෙනවා.

එම තිර සඳහා Samsung සමාගමේ M14+ ආලෝක විමෝචක ද්‍රව්‍ය භාවිත කළ හැකි බව සඳහන්.

Galaxy S27 Pro සහ Galaxy S27 Ultra මාදිලිවලට පිළිවෙළින් අඟල් 6.47ක සහ අඟල් 6.9ක AMOLED තිර ඇතුළත් විය හැකි බවත්, ඒ සඳහා නව M16 ආලෝක විමෝචක ද්‍රව්‍ය භාවිත කිරීමට ඉඩ ඇති බවත් වාර්තා වෙනවා.

Exynos 2700 චිපයක් ද?

මේ අතර, Galaxy S27 මාලාවේ ඇතැම් මාදිලි සඳහා Samsung සමාගමේ තවමත් නිල වශයෙන් හඳුන්වා නොදුන් Exynos 2700 චිපය භාවිත කළ හැකි බවට ද වාර්තා පළ වී තිබෙනවා.

එම වාර්තාවලට අනුව, සමාගම Exynos 2600 චිපයට සාපේක්ෂව නව 2nm තාක්ෂණයෙන් නිපදවන Exynos 2700 චිපයේ නිෂ්පාදනය සියයට 10කින් ඉහළ නංවා තිබෙනවා.

කෙසේ වෙතත්, Galaxy S27 මාලාව හඳුන්වා දීමට තවත් මාස කිහිපයක් ඉතිරිව ඇති බැවින්, මිල ගණන්, තිර තාක්ෂණය සහ චිපය පිළිබඳ මෙම තොරතුරු නිල තහවුරු කිරීමක් ලැබෙන තෙක් අපේක්ෂිත තොරතුරු ලෙස පමණක් සැලකිය යුතුයි.

නොවැම්බර් 3ට පෙර අපි කිසි විටෙකත් ඉරානයට පහර නොදෙමු.. ලෝකෙම අවධානය මැද ට්‍රම්ප්ගෙන් ඉරානයට තාවකාලික සැනසීමක්

නොවැම්බර් 3ට පෙර අපි කිසි විටෙකත් ඉරානයට පහර නොදෙමු.. ලෝකෙම අවධානය මැද ට්‍රම්ප්ගෙන් ඉරානයට තාවකාලික සැනසීමක්