ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබේ

Report

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබාගැනීමේ වැඩසටහන අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආරම්භ කරන ලද මෙම පෙත්සම අත්සන් කර අවසන් වූ පසුව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම - එන අයවැයෙන් වැටුප් හා දීමනා සඳහා මුදල් තුලනය ගැන ජනපති කියයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම - එන අයවැයෙන් වැටුප් හා දීමනා සඳහා මුදල් තුලනය ගැන ජනපති කියයි

අද උදෑසන දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේදී පැවැති විශේෂ දේව කන්නලව්වෙන් අනතුරුව පෙත්සමට අත්සන් තැබීමේ කටයුතු ආරම්භ කෙරිණි.

අද දිනය පුරා දෙවිනුවර, මාතර, වැලිගම, හබරාදුව සහ ගාල්ල යන නගරවලදී අත්සන් ලබාගැනීමට කටයුතු යොදා ඇති අතර, හෙට (10) දිනයේදී මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ පැවසූහ.

දැඬි ආරක්ෂාව යටතේ ශිරන්ති රාජපක්ෂ රෝහලට එයි - දැන් ලැබුණු පුවත මෙන්න

දැඬි ආරක්ෂාව යටතේ ශිරන්ති රාජපක්ෂ රෝහලට එයි - දැන් ලැබුණු පුවත මෙන්න