ලංකාවේ ජනතාවට ලඟදීම උඩින් යන කාර් එයි..මෙන්න සුපිරිම අවස්ථාවක්.

Sri Lanka Technology Nuwaraeliya Cable car
By Aruna Dec 10, 2021 07:19 AM GMT
Aruna

Aruna

Report

ලංකාවේ සංචාරක නව පුනරුදයක් ලබාදෙමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව (නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව) දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා 2019දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබුනා .

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මෙම වර්ෂයේ ස්විස්ටර්ලන්තේය ආයෝජකයකු සමග ගිවිසුමකට අසත්සන් තැබුවා .

නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යංශය හා සංචාරක සංචාරක මණ්ඩලය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ .

පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් 4 ක් ඈතින් පිහිටි නුවරඑලිය ග්රෙකගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්යා පෘතිය ආරම්භ කිරීමට නියමිත අතර මගීන් 10කට ගමන් කළ හැකි කුටි 86කින් මෙම කෙබල් කාර් ව්‍යාපෘතිය සමන්විතයි.

එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ආරම්භ කර දිනයේ සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now