මුදල් සම්බන්ධයෙන් කැබිනෙට්ටුවට අලුත්ම යෝජනාවක්..

Sri Lanka
By Aruna Apr 03, 2023 04:42 AM GMT
Aruna

Aruna

Report

අත්‍යවශ්‍ය අපනයන කාර්යයන් සඳහා අවශ්‍ය කරන මුදල් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ, රටේ මුල්‍ය නියාමන තීරණ මත සංවර්ධන කාර්යන් සඳහා මුදල් නිකුත් නොකළ ද කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර ආදායම් උත්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

4කදාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළා. "මේ අවස්ථාවේ සංවර්ධන වැඩකටයුතු සඳහා විශාල මුදල් වෙන් නොකෙරුවත් ඒ සඳහා චක්‍රලේඛන තිබුණත් අපේ රටට ආදායම ගෙනඑන අපනයනය සඳහා අවශ්‍ය කරන දේවල්වලට මුදල් යෙදවීම නවත්වන්නට බැහැ.

නවත්වන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය ආයතනවලට එවැනි ගැටලුවක් තියෙනවානම් ඒ සඳහා කැබිනට් මණ්ඩලයට ඒ අදාළ කැබිනට් ඇමතිවරු සාකච්ඡා කරලා අපිට මැදිහත් වෙලා ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ලබාදෙන්න අපිට හැකියාව අපිට තියෙනවා.

ඒ නිසා හැම නිලධාරියෙක්ම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතුවලට දේවල්වලට පමණක් යොදවලා අපේ රටේ ජනතාවගේ ආදායම වැඩිකරන අපනයන වැඩිකරන්න අවශ්‍ය කරන මුදල් අනිවාර්යෙන්ම නිදහස් කරන්න කටයුතු කරන්නට ඕනේ මම ඒක ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලය එක්ක කතා කරලා අපි ඒ සම්බන්ධයෙන් තීන්දු ගන්න බලාපොරොත්තු වෙනවා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now