සූදු ගැන අලුත්ම තීරණයක්.

Sri Lanka Government Of Sri Lanka President of Sri lanka
By krishani Jun 27, 2023 05:18 AM GMT
krishani

krishani

Report

සූදු ක්‍රීඩා නියාමනය කිරීමට අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

එමගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවන් මඟින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් එම අධිකාරියෙන් සිදු වේ.

එම නියාමන ආයතනය ඇති කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිප්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.