ආනයන හා අපනයන පාලන රෙගුලාසි පාර්ලිමේන්තුවට

Report

ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 1006.30.29 යටතේ වර්ගීකරණය කරන ලද කීරි සම්බා සහල් වලට සමාන වන GR 11/ පොන්නි සම්බා සහල් ප්‍රභේදය ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ආනයනය කිරීම සඳහා 2025-10-13 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ.

එම අමාත්‍ය මණ්ඩල තීරණය බලාත්මක කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන යටතේ සාදනු ලැබ ඇති 2025 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, අංක 2458/43 දරන 2025-10-15 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයක් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබුණි.

රුපියල ස්ථාවරයි - ඩොලර් මිල ගණන් මෙන්න

රුපියල ස්ථාවරයි - ඩොලර් මිල ගණන් මෙන්න

ඒ අනුව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව  වන එම රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල ගිවිසුම්වලට අනුමැතිය

ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල ගිවිසුම්වලට අනුමැතිය