2025 අයවැය දැන්ම නෑ. - පළමු මාස හතරකට අතුරු සම්මත ගිණුමක්.
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Wayomi
ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා.
ඒ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගෙන එන ලද යෝජනාවට අනුවයි.
මේ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම ඊයේ (25) හවස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 5 සහ 6 යන දෙදින තුළ එය පැවැත්වීමට ද නියමිතව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.